අපේ පාසලේ ඉතිහාසය වැඩි ඈතකට දිවෙන්නක් නොවේ. වර්ෂ 1979 දී ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ “ජනාධිපති විද්‍යාලය “ නමින් අරඹන ලද මෙම විදුහලේ පළමු විදුහල්පතිතුමා වූයේ හඳුන් පී. වික්‍රමසිංහ මැතිතුමාය. විද්‍යාලය ආරම්භ කිරීමේදී පුරෝගාමී වූයේ එවකට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නායකත්වය හෙබවූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ය.
1983 වසරේ දී “ වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යලය“ ලෙස එහි නම වෙනස් කරන ලද අතර පසුව පාසල අසලම තිබූ නාරංගමුව විද්‍යලයද වික්‍රමශිලා ප්‍රාථමික අංශය ලෙස විද්‍යලයටම පවරාගන්නා ලදී.
දැනට මෙම විදුහල දිවයිනේ ඉහල ජනප්‍රියත්වයක් උසුලමින් ජාතික පාසලක් ලෙස ක්‍රියාත්මකවන අතර සිසුන් 2000 ක් පමණ ඉගෙනුම ලබයි.
|